පෙලගැස්ම

  • කවි (1)
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, October 18, 2020

නුඹට සිහිනයක්මය මට පියවි ලොවක්මය


 

 

කිරි සිනා මුව පුරා

දිදී නුඹ නැලැවුනා

ඒ සිනා හදවතේ

ගිනි පුපුරු ඇවිලුවා...

 

 

නුඹ දිලෙන මලක්මය

රුවින් රැජිනියක්මය

සියුමැලිය ලපල්ලක

එතුනු සිසිලසක්මය...

 

 

ඇසට රසඳුනක්මය

දිලෙන සඳවතක්මය

දියනි සුරඟනක්මය

කඳුළු දෙන ගඟක්මය...

 

 

බෝනික්කි පැටවුන්ය

හිස මත්තෙ කිරුලක්ය‍

නුඹට සිහිනයක්මය

මට පියවි ලොවක්මය...

 

 

හඬන පොඩි පැටවුන්ය

නුඹ උන්ට මවක්මය

ගලන කිරි ගඟක්මය

නුඹට සිහිනයක්මය...

 

 

සෙනෙහසක පැතුමක්ය

නොදන්නා ගින්නක්ය

නුඹ පතන පැතුමක්ය

මගෙ සිතට රිදුමක්ය...

 

 

ලොවට නුඹ ලියක්මය

විය යුත්තෙ මවක්මය

උතුම් පදවියක්මය

කඳුළු උල්පතක්මය...