පෙලගැස්ම

Sunday, October 18, 2020

නුඹට සිහිනයක්මය මට පියවි ලොවක්මය


 

 

කිරි සිනා මුව පුරා

දිදී නුඹ නැලැවුනා

ඒ සිනා හදවතේ

ගිනි පුපුරු ඇවිලුවා...

 

 

නුඹ දිලෙන මලක්මය

රුවින් රැජිනියක්මය

සියුමැලිය ලපල්ලක

එතුනු සිසිලසක්මය...

 

 

ඇසට රසඳුනක්මය

දිලෙන සඳවතක්මය

දියනි සුරඟනක්මය

කඳුළු දෙන ගඟක්මය...

 

 

බෝනික්කි පැටවුන්ය

හිස මත්තෙ කිරුලක්ය‍

නුඹට සිහිනයක්මය

මට පියවි ලොවක්මය...

 

 

හඬන පොඩි පැටවුන්ය

නුඹ උන්ට මවක්මය

ගලන කිරි ගඟක්මය

නුඹට සිහිනයක්මය...

 

 

සෙනෙහසක පැතුමක්ය

නොදන්නා ගින්නක්ය

නුඹ පතන පැතුමක්ය

මගෙ සිතට රිදුමක්ය...

 

 

ලොවට නුඹ ලියක්මය

විය යුත්තෙ මවක්මය

උතුම් පදවියක්මය

කඳුළු උල්පතක්මය...

1 comment:

  1. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete

ඔබේ අදහසට ඉඩක්