Tuesday, August 1, 2017

ඉද්ද මලකි මං..... රෝස කුසුමියේ



බමර ගුම් නදට පිබිදෙන
සලෙළ නෙත් පියන් ඇහැරන
දුහුල් සළුපටින් හැඩ වුන
නුඹ සුමුදු මලක්

සරාගී නෙතින් ගිලිහුන
බුදුන් පා පියුම් නමදින
ලොවක් දොහොත් දී පුද දෙන
මම සුවඳ මලක්

ලකල් මල් තෙරක නැලවෙන
නුවන් හස කැලුම් පොබයන
සිතක් මනලොලින් පුරවන
රෝස කුසුමියේ

සුරන් නුඹ කුසින් කැඳවන
නරන් සිත සුවය පතුරන
මලිගියා වැලක පිබිදෙන
මමයි මෙත් සුවේ

බිඟුන් තුඩ වැදී පෑරුන
ලෙයින් රත් පැහැය ගැන් වුන
නිවන් දොර තවම නො ඇරුන
රතු රෝස මලේ

ලෙවන් බස් නොවෙයි දොඩවන
ලවන් පෙති අතර නොගැටුන
මලක් වෙමි රසය නොබිඳුන
සොඳුරු මල් ලොවේ

6 comments:

  1. හරිම ලස්සනයි වචන ටික...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු

      ඉජයවේවා!!!

      Delete
  2. ලස්සනයි ඉශානී. මේ කවියේ ලස්සන තාලයක් මට දැනෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී..
      මේකට ලස්සන තනුවක් ඇවිත් ගීතයක් වෙනව බලන්න මමත් ගොඩක් ආසයි..

      ජයවේවා!!!

      Delete
  3. සුපිරි!!!.. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුරේ...
      දිගටම ලියන්න හිතන් ඉන්නවා

      Delete

ඔබේ අදහසට ඉඩක්