Thursday, June 8, 2017

අසනු මැන දෙවිඳුනේ



ගියෙමි පුදනට කතරගම අධිපතිව වැඩ සිටිනා නිමල්
දෙවිඳු පුවතර බැබලවූ කඳ සුරිඳු පිදුමට පා කමල්
බැති බරින් පුද පඬුරු ගෙන එයි සරසවා නෙක නෙක විසල්
හදවතේ සැම තැන රැඳේවී ලබා ගැනුමට ඉසුරු මල්
.
පේවි පේවි සෙනඟ පිරුනා පෝලිමකි දේවාලයේ
ගෑවී ගෑවී පොර බදන්නේ පෙරට යන්නයි පේලියේ
දේවි දේවි මහරු ඔවදන් සිතට ගෙන ගිණි දේශයේ
නෑවි නෑවී මතුව ආවේ පමණි තන්හා ලෝබයේ
.
රන් රිදී සළු වලින් සැරසුව දේව මංඩලයේ ලඟ
මවක් හදවත කියා පෑවා  කඳුළු රඳවා නුවනඟ
නැතිළු අබරන ඇගේ දියණිය සරසවන්නට සියො ලඟ
කන්නලව්වකි  අතරමගටම තිබුන ඉසුරත් ගිය වග
.
සුවඳ විහිදන මියුරු රස ඵල පලන් ගානක සරසවයි
වඩා වැඩියෙන් දේව බැල්මට මොනර කොල පසෙකින් තබයි
යදින සිඟමන් මාවතේ හිඳ මුහුනු සිහියටවත් නොයෙයි
රුපියලක්වත් නොමැති වුන් ලෙස උන් අසල පය පටැල වෙයි
.
නොමිනිසුන්ගෙ රුදුරු හදවත තුලින් නැගෙනා ගින්දර
මකා දමමින් කෙලෙස කරමිද දෙවියනේ සිත් පිං බර
නැමැද ආවත් ඔබේ පා යුග පෙන්නලා පුහු බැති බර
අයැද ඔබගෙන් රුදුරු සිතුවිලි කරාවී ඔබවත් මැර
.
විකුම් පානා ලෝක පූජිත නාමයෙන් ඔබ ඒ දිනේ
තමන් වෙනුවෙන් දිවි ගෙවන වුන් සිටී සිතුනි ද දෙවියනේ
පුදන්නට ඔබ මා ගෙනා මල් බාර ගනු මැන සතොසිනේ
දුකින් පෙලෙනා සියළු දන වෙත වෙන්න පිහිටක් සුරිඳුනේ!!!.

8 comments:

  1. දෙවියන් ලඟට ගියහම දැන් යාතිකා කරන්නෙත් පූජ වට්ටියෙ තියන සල්ලි දිහා බලල. ඉෂානි ගෙ තවත් හරවත් කවියක් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටකාරියේ...

      ජයවේවා!!!

      Delete
  2. වචන හරඹය අපූරුයි.. හැබැයි රිද්මය සමහර තැන් වල මඟ හැරිලා... මං හිතන් නෑ ඔයාට ඒක ආරක්ෂා කරන්න බැරි වෙයි කියලා.. හොඳ කවිකාරියක්... ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු...
      අනේකවාරයක් ස්තුතියි මට වැරදි පෙන්නල දීමට...
      ඉදිරියෙදි ඒ වරදත් හදා ගෙන කවි ලියන්නම්කෝ...

      ජයවේවා!!!ඉ

      Delete
  3. ඉශානී. මේ පදවැල්නම් අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දුමී...

      ජයවේවා!!!

      Delete
    2. දුර බැහැර ඔබ ගෙවා ආ මග කටු කොහොල් දිව සළු වෙයන්
      නුඹේ දුක්බර යදින යාදිනි මගේ දෙසවන මී මවන්
      කාසි කොල මල් ; නෙලපු පලවැල් වැනසිලා යයි විගසකින්
      හද බැතින් ඔබ මා පුදත් නම් සදා සැනසෙමි මා එයින්

      thattayagekolama.blogspot.com

      Delete
    3. බොහොම අපූරුයි කවිය...

      බොහොම ස්තුතියි මේ පැත්තෙ ගොඩ වුනාට...
      ඔබේ බ්ලොගයත් හරිම අපූරුයි...
      කමෙන්ට් නොදැම්මට ආසවෙන් කියවන බ්ලොගයක්...

      ජයවේවා!!!

      Delete

ඔබේ අදහසට ඉඩක්