Thursday, June 1, 2017

මංගලම් සුබ මංගලම්!!!

සිනාවෙදි ඇති තරම් හිනා වුනු.
කඳුලෙදි කඳුලත් හිනාවක් කරපු...
ජීවිතේ වැටුන තැන් වලදි ලඟින් හිටපු...
පාසලේදි ඇති වෙන්න දඟ වැඩ කරපු...
සරසවියෙදි එකතු වෙලා පිස්සු වැඩ කරපු..
යෙහෙලියේ...
අහසෙන් ඇවිත්
කලා ලෝකයක් මවපු...
කසුන් අයියටත් ඔයාටත් සුබම සුබ මංගලම් වේවා!!!

රන්රසින් මල් මඟට පිවිසෙන යුවතිපති හට ජයමවේවා!!!
දෙව් වරින් බැඳි දෙසිත් සැමදා මල් වැසින් නැහැවී තෙමේවා!!!
සෞසිරින් ලැබ සියළු සම්පත් සිත් තුටින් සැම කල් රැඳේවා!!!
ඉක්මනින් තුන්පත් රැලක් වී ඉස්තරන් දිවියක් ලැබේවා!!!

12 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි කටකාරියේ...

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. බොහොමත්ම ස්තුතියි...

      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නව ප්‍රාජේව...

      ඒ වගේම මේ සෙවනට හැමදාම ඇවිත් යන්න ආරාධනා කරනවා...
      ඒක මට ලොකු ශක්තියක් වේවි...

      ජයවේවා!!!

      Delete
  3. පැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
    සිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා
    ගෙතුම් මල් වැල් සුවඳ වේවා නව කැදැල්ලම හැඩවෙලා
    උතුම් සෙනෙහස අරුත් වේවා මංගලම් සිරි ජයවෙලා........

    ReplyDelete
    Replies
    1. අපි හැමදෙනාගෙම පැතුම එයමයි

      බොහොම ස්තුතියි දුමී

      ජයවේවා!!!

      Delete
  4. එදා වෙඩිමට මමත් ආවා.. කොහෙද ඉතීම් අදුනන්නේ නෑනේ.. :) මෙහෙම බ්ලොග් එකක් තියෙනවයි කියල දැන් දැනගත්තේ කටුස්සාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකක් දැකල.. ඔබ තුමී නේද තරු රසි ගේ බ්ලොග් එකෙත් ඊයේ කොමෙන්ට් කරලා තිබ්බේ ආවට මුණ ගැසුනේ නා කියල..

    කසුන්/ සත්‍යා ට සේම ඔබේ මේ බ්ලොග් එකටත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩක් ආදරෙන් පිලිගන්නවා...
      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...
      තරු අක්කගෙයි කටුස්සගෙයි ඒ කමෙන්ට් දාපු කෙනා මමම තමයි...
      මම නම් කල්යාන මිත්‍ර තුමාගෙ කමෙන්ට් එහෙම ඕන තරම් දැකල තියේවි...
      මේ සෙවනටත් පුළුවන් හැම වෙලාවකම ගොඩ වදින්න ආරාධනා කරනවා...

      කොහෙද ඉතින් මාත් අඳුරන්නෙ නෑනෙ...
      ආයෙ දවසක හමු වෙන්න පුළුවන් වේවි මේ පුංචි රටේ අනිවාර්‍යයෙන්ම...

      Delete
  5. කල්‍යාණ කිව්වා වගේම කසුන් සහ සත්‍යා ටත් මේ බ්ලොගය ලියන නංගිටත් සුභ පැතුම්. ලස්සන නිසඳස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියෙ...
      ඉඩ තියන වෙලාවල් වලදි මේ සෙවනට ගොඩ වදින්න අමතක කරන්න එපා

      ජයවේවා!!!

      Delete
  6. කසුන් අයියටත් ඔයාටත් සුබම සුබ මංගලම් වේවා!!! ///
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ දෙපලට සුන්දර යුග දිවියකට අපි ආසිරි පතමු!!!

      Delete

ඔබේ අදහසට ඉඩක්