Saturday, April 8, 2017

ඔහු සහ ඇය



ඔහු-
සිතක් සනසන වතක් දුටුවම කෙලෙස ඉන්න ද ඉවසලා
විතක් උතුරන සඳක් වාගෙයි සිනා මල් පෙති විසිරිලා
ලොවක් සනසන මලක් වාගේ ලඟින් මගෙ සිටිතැයි බලා
වරක් නම් නොව දෙවරක්ම මම නුඹෙ ලොවට එබිකම් කලා

ඇය-
වහසි බස් නොව අහස තරමට නුඹ ගැනම පෙරුමන් පුරා
සැරසි සැරසී මඟම බැළුවා අද විදී දැයි මල් සරා
සැනසි සැනසී දෙනෙත් අබියස නුඹම මැවුවා සිත් අරා
වෙහෙසි වෙහෙසී සඳරකට මා දිනක් සෙවුවා නිදි වරා

ඔහු-
ඔබේ පියමන් ලකුනු සොයමින් දෑස් දිවුවා යන මඟේ
ගමනෙ අංතය කොතැන වේවිද එතැන නැවතුනි සිත මගේ
හැඟුනි නිරතුරු මුවැත්තියෙ නුඹ මගේ මුළු ලෝකය වගේ
සුවඳ විහිදන මලක් අබිමුව සිතම සසැලී ගිය රඟේ

ඇය-
සිතින් මගෙ ලොව තුලම වී නම් එපා යන්නට සැඟවිලා
දුරින් දුරකට නුඹ ගියොත් නම් සිතම යයි මගෙ සසැලිලා
විලෙන් ඉපදුන මහනෙලයි මම නුඹෙ නමට හසරැලි සලා
ඉඳින් නුඹෙ ලොව සරසවන්නම් දිවි තියෙන තුරු ලං වෙලා

ඔහු-
පෙරුම් පුරනා කාලයේදී දෙඩුව නම් වදනක් දෙකක්
නොයන බව නම් සැබෑවකි මම රුවැත්තියෙ මෙපමන දුරක්
මගේ ලොව තුළ හෙටක් වෙනුවෙන් පායලා අඳුරට සඳක්
අනේ යුවතියෙ මෙමා හට ඇත විවර වී පැලකින් දොරක්

6 comments:

  1. ඇය..
    දිනක් එනතෙක් බලා සිටි මුත් පැතුම් පොදි බැඳ මග බලා
    සඳක් වන්නට නොහැකි විය මට නුඹේ ළෝකෙට එළි වෙලා
    දොරක් විවරව තිබෙන පැලකට නුඹත් යයි නම් තුටු වෙලා
    පෙමක් සඟවා පතන්නෙමි සුභ දෙසිත් වෙත මම සැනසිලා....

    ලස්සනයි ඉශානී. ඒ වගේම ඉශානිගේ නිහතමානීකමට මම ගරු කරන අතරේ කවි ලෝකෙදි දවසක මුණගැසීමට බලා ඉන්නෙමි.

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. ශා ඔය තියෙන්නෙ ඊගාවට එකතු වෙන්න ඕනි කවිය සුපිරියටම හදල

      හි හී. වර්ණනාවනම් වැඩි ද මන්දා

      අනිවාරෙන් දුමීගෙ ඊගාව සම්මානය ගන්න දාට මාත් එන්නම්කො සුබ පතල යන්න.

      ජයවේවා!!!

      Delete
  2. ඇත්තටම ලස්සනයි.. හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මානි
      අමතක නොකර මේ පැත්තෙ ඇවිත් යන්න එන්න?

      ජයවේවා!!!

      Delete
  3. ඕනවට වඩා හිත හිත හිටියොත් අන්තිමට මෙහෙම තමා වෙන්නේ.

    අපූරු කවි ටික පට්ට ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි

      බොහොම ස්තුතියි දුකා
      මේ සෙවනට ආදරෙන් පිලිගන්නවා...
      ඉඩක් ළැබෙන වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න අමතක කරන්න එපා ඔං.

      ජයවේවා!!!

      Delete

ඔබේ අදහසට ඉඩක්